EssayBrother is the best editing personal statements

ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – 16 වන කණ්ඩායම

can i get ghostwriter for book
ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – 15 වන කණ්ඩායම නොවැම්බර් 17 සෙනසුරාදා ප.ව. 1.30 ට ආරම්භ වේ..
October 5, 2018
کازینو با پول اولیه صادراتی
June 4, 2020
Show all

ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – 16 වන කණ්ඩායම

vaastu-class-Badge 16

vaastu-work-shopආරම්භක දිනය 2019 මැයි 11 සෙනසුරාදා
වේලාව – ප.ව. 1.00 – 
ප.ව. 4.30

0777 89 20 57 | 0777 89 20 51

පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..

2019 මැයි 11 වන දින නව කණ්ඩායම ආරම්භ කිරීමට නියමිත අතර සෑම සෙනසුරාදාවකම සවස 1.30 සිට 4.30 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.

පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.

පාඨමාලා ගාස්තුවෙන් රු. 5000 ක් සහ රු. 1000 ඇඩිමිෂන් මුදල් ගෙවා එදිනට ලියාපදිංචි විය හැක.

පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.

පහත ලින්ක් එකෙන් හෝ අපට කතාකර ලියාපදිංචි වන්න..

16 කණ්ඩායම සඳහා දැනට ලියාපදිංචි කර අවසන් 17 වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකෙන් යන්න..

17 වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වන්න..

….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..

පාඨමාලා අන්තර්ගතය

  • හැඳින්වීම
    ශ‍්‍රී ලාංකේය වාස්තු විකාශනය, පරිශීලනය කළයුතු ග‍්‍රන්ථ සහ මූලාශ‍්‍ර, වාස්තු ශිල්පියෙක් සතු විය යුතු දක්ෂතා සහ ඔබ පරිපූර්ණ වාස්තු ශිල්පියෙක් විය යුත්තේ ඇයි ද යන වග.
  • ඉඩම
    ඉඩමක් තෝරාගන්නා ආකාරය, සුදුසුකම් පරීක්ෂාව, වර්ථමාන ඉඩම් කොටස් හි ලක්ෂණ, මාළිමාව භාවිතය සහ මැණුම් විධි, 90 කෝණ ගත කිරීම විශේෂ පිහිටීම, ඉඩමේ මුහුණත හා ගෘහයේ මුහුණත.
  • නිවාස සැලසුම්කරණය
    අවශ්‍යතා හඳුනාගැනීම, අවශ්‍යතා විශ්ලේෂණය, නිර්මානකරණය, දිශානුකරණය සහ පාද සටහන, නීතිමය අවශ්‍යතා මුල්‍යමය ශක්නූනතා ගැලපීම.
  • ගෘහාංග විශ්ලේෂණය හා ස්ථානගත කිරීම
    මුළුතැන්ගෙය, ප‍්‍රධාන නිදන කාමරය, නිදන කාමරය, වැසිකිලි, පූජනීය ස්ථාන, පිටත මුළුතැන්ගෙය, මැද මිදුල, ගරාජය, ීඑමාහ ඍදදපිල ක්‍කදිැඑ යනාදිය
  • වහල / ජනෙල් / උළුවහු / චාරිත‍්‍ර වාරිත‍්‍ර.
  • සැලසුම්කරණයේ ආනුශාංගිකාංග කරුණු
    කූපය, ගේට්ටුව, කැලිකසළ වළවල්, සුරතල් සතුන් ඇතිකරන තැන, අවශ්‍යකරණ මිණුම් සහ චක‍්‍ර සටහන්.
  • වාස්තු සංඝටක ගෘහ අකාර්යක්ෂමතාව සහ නාමකරණය
    ස්වස්ථිකය, අශ්ව ලාඩම, අලංකරණයට යොදගන්නා දෑ, වර්ණ, සිතුවම්, සත්වාංග.
  • නිවාස විශ්ලේෂණය
    වැරදි සෙවීම, නිවැරදි කිරීම, ඉදිකිරීමේ වාස්තුමය ක‍්‍රියා පටිපාටිය.
    පැරණි වාස්තු ග‍්‍රන්ථ හා ඒවායේ අඩංගු ග‍්‍රහණය නොවූ වාස්තු සිද්ධාන්ත
  • මිත්‍යා මත වහර සහ අභාවිත වාස්තු
    පලකරණ ලද ග‍්‍රන්ථ, එහි පාදක කරුණු සහ කෙම් ක‍්‍රම.
  • ප‍්‍රායෝගික ගැටළු, විසඳුම් හා ඉදිකිරීමේ වාස්තුමය ක‍්‍රියාවලිය හා නිමකළ සැලසුමක් තම සේවාදායකයාට ලබා දීම
  • නිවාස සැලසුම්කරණය 2 කොටස
    ගෘහ පිණ්ඩ සීහුම් කිරීම, (ලඝු චක‍්‍ර භාවිතය) දිග පළල අනුපාත සංයෝජනය, වර්තමාන නිවාස ප‍්‍රවනතාවයන්ගේ ලක්ෂණ.

Vaastu Centre

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *