EssayBrother is the best editing personal statements

BLOG

can i get ghostwriter for book

ඔබත් ඔබේම නිවසක් සාදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?

ඉඩම තෝරා ගැනීමේ සිට නිවස සාදා පදිංචි වීම දක්වා සියලුම කටයුතු ඉතා විශ්වාසවන්තව සහ සාධාරණ මිල ගණන් යටතේ දැන් ඔබට එකම ආයතනයක් යටතේ කර ගැනීමට අවස්ථාව උදාවී ඇත.

අපගෙන් ලැබෙන සේවාවන්

1. ඔබගේ ඉඩම පරීක්ෂා කිරීම.

ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඉඩම, නිවසක් ඉදිකිරීම සඳහා සුදුසු ද? නැද්ද යන්න පරීක්ෂා කර දීම. දැනටමත් ඔබ මිලදී ගෙන ඇති ඉඩම පරීක්ෂා කර මිණුම් ලබාගෙන සැලසුම පිළිබඳ අවබෝධයක් ලබා දීම.

2. ඉඩමට 100% ගැලපෙන නිවාස සැලසුම වාස්තු විද්‍යානුකූලව කර දීම හා ත‍්‍රිමාණ රූප ලබා දීම.

ඉඩම පරීක්ෂාකර විශාල ඉඩමක්නම් අනාගතයේදී ද ප‍්‍රයෝජන ගැනීමට හැකි වන ලෙස ඉඩම කළමනාකරණ කර 100% ක් ඉඩම සඳහා සුදුසුම නිවාස සැලසුම සිදු කිරීම.

3. සැලසුම අනුමත කර දීම

අනුමත කිරීමට ඉදිරිපත් කළ යුතු සැලසුම් සියල්ල සකස් කර අදාල ආයතනය වෙත ඉදිරිපත් කර සැලසුම ඉතා ඉක්මණින් අනුමත කර දීම මගින් ඔබගේ කාලය මෙන්ම ශ‍්‍රමයද ඉතිරි කර ගත හැක.

4. නිවස ඉදිකිරීම සඳහා වැය වන ඇස්තමේන්තු සකස් කර දීම

අපගේ ආයතන මගින් ඔබගේ නිවස ඉදිකිරීම සඳහා යන සම්පූර්ණ වියදම් ඇස්තමේන්තුව සකස් කර දීම.

5. නැකත් සාදා ගැනීම සඳහා මග පෙන්වීම

ඔබට අවශ්‍ය නැකත් ලබා ගැනීම සඳහා පළපුරුදු ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ සේවය ලබා දීම.

6. නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකර දීම.

නිවසේ සියලුම ඉදිකිරීම් අප විසින් දෙනු ලබන වියදම් ඇස්තමේන්තුවට යටත්ව අදාල කාලය තුළදී විශ්වාසවන්තව හා ඉතාම නිවැරදිව පළපුරුදු අය ලවා ජේ. ගොඩකන්ද ආරච්චි මහතාගේ සහ ආයතනයේ ඉංජිනේරු මහතුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ උසස් තත්ත්වයේ අමුද‍්‍රව්‍ය භාවිතයෙන් සිදු කර දීම.

අප තෝරා ගත යුත්තේ ඇයි?

අවුරුදු 30 ට අදික ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද හා අවුරුදු 15 ට අදික සැලසුම්කරණයේ සහ වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද ඇති මේ වන විට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විශාල නිවාස ප‍්‍රමාණයක් සාදා ඇති, දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ නිවාස වාස්තු පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර, දැනට සිදුකරමින් යන නිවාස ව්‍යාපෘති ඔබට පරීක්ෂා කර බැලීමට ද හැකි විශ්වාසවන්ත ආතනයක් වීම.

ඔබට අප හා සම්බන්ධ විය හැක්කේ කෙසේ ද?

දුරක්ථන : 0777892057 – 0777892051 – 0777892017
වෙබ් : http://www.vaastu.lk
ඊමේල් : info@vaastu.lk
ෆේස්බුක් : https://www.facebook.com/vaastu.lk/

 

වාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා

අප ආයතනය සහ වාස්තු පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අපගේ යූ ටියුබ් චැනල් එක නරඹන්න..

https://www.youtube.com/vaastulk

 

 

vaastu-class-march-2018

නව කණ්ඩායම සඳහා සිසුන් ලියාපදිංචි කර ගැනීම දැන් සිදුකරන අතර පහත දුරකථන අංකවලට අමතා ඔබගේ නම සහ දුරකථන අංකය ලබා දී ලියාපදිංචි විය හැක..

0777892057 | 0777892051 | 0777892017

පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..

2018 මාර්තු 04 වන ඉරිදා සිට සෑම ඉරිදාවකම උදේ 8.30 සිට දහවල් 12.00 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.

පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.

පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.

….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..

පාඨමාලා අන්තර්ගතය

2017 දෙසැම්බර් මස 17 වන දින පැවති ප‍්‍රායෝගික වාස්තු විද්‍යා එක් දින වැඩමුළුව පිළිබඳ විස්තර

වාස්තු විද්‍යා ප‍්‍රායෝගික වැඩමුළුව – මහරගම

 

පෙබරවාරි මස 18 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම වැඩමුළුව එදින නොපැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමු. නැවත පවත්වන දිනය ඉදිරියේදී දැනුම් දෙමු. දැනටමත් ලියාපදිංචි වී සිටිය අයට දුරකථන ඔස්සේ දැනුම් දෙමු.

ඔබත් වාස්තු විද්‍යාව හැදෑරීමට කැමැත්තෙන් සිටින්නෙක් ද?

වාස්තු විද්‍යාව ප‍්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කරන ප‍්‍රායෝගික වාස්තු විද්‍යා එක් දින වැඩමුළුව මිණුවන්ගොඩදී පැවැත්වීමට අප කටයුතු සූදානම් කර ඇත. මිත්‍යා මතවලින් බැහැරව නිවැරදිව වාස්තු විද්‍යාත්මක කරුණු සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව දිවයින පුරා පැවැත්වීමට අප විසින් කටයුතු සූදානම් කර ඇත. පළමු වැඩමුළුව මහරගම නගරයේදී පැවිති අතර දෙවන වැඩමුළුව වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි මිණුවන්ගොඩ නගරයේදී පැවැත්වීමට අදහස් කෙරේ.

වැඩමුළුවට සහභාගිවන සැමට ආයතනය මගින් වටිනා සහතික පත‍්‍රයක් පිරිනැමේ.

වැඩමුළුව සඳහා බඳවාගන්නේ 30 පමණක් බැවින් ඔබත් වැඩමුළුව සඳහා සහභාගිවීමට කැමැත්තෙන් සිටී නම් පහත දුරකථන අංක වලට කතාකර හැකි ඉක්මණින් ලියාපදිංචි වන්න.
0777892057 – 0777892017 – 0777892051

 

මහරගම නගරයේ පැවති වැඩමුළුවේ ජායාරූප

විද්‍යානුකූල වාස්තු විද්‍යා ප‍්‍රායෝගික වැඩමුළුව 2017-12-17 වන ඉරිදා දින මහරගම ඇමිටි ගොඩනැගිල්ලේ දී සාර්ථකව පැවැත්වූ අතර වැඩමුළුව සඳහා 35 දෙනෙකු පමණ සහභාගි විය.. වාස්තු විද්‍යාව ප‍්‍රායෝගිකව යොදාගන්නා ආකාරය ක‍්‍රියාකාරකම් ඔස්සේ පෙන්වීම මෙහි අරමුණ විය. වැඩමුළුව සඳහා සහභාගි වූ සැමට වටිනා සහතික පත‍්‍රයක්ද පිරිනැමූ අතර ඊලග වැඩමුළුව මිණුවන්ගොඩ ප‍්‍රදේශයේදී පැවැත්වීමට අප බලාපොරොත්තු වේ. දිනය සහ ස්ථානය ඉදිරියේදී අප පේජ් එක හරහා දැනුම්දෙන අතර මෙම වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව නොලද අයට එම වැඩසටහන සඳහා සහභාගි විය හැක.