EssayBrother is the best editing personal statements

ඔබත් නව නිවසක් හැදීමට අපේක්ෂාවෙන් සිටීද

can i get ghostwriter for book
ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – නව කණ්ඩායම බඳවා ගැනීම
September 26, 2017
vaastu
ඔබේ නිවස විශ්ව ශක්තයේ නිර්මාණයක් විය යුතුයි
October 2, 2017
Show all

ඔබත් නව නිවසක් හැදීමට අපේක්ෂාවෙන් සිටීද

vaastu-godakanda-arachchi

1. සැලසුම ඇඳීම  

ඔබත් නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටීද? එසේ නම් ඔබ මුලින්ම කළ යුත්තේ ඔබගේ සිහන නිවස සඳහා අවශ්‍ය සැලසුම ඇඳ ගැනීමයි. සැලසුමක් ඇඳගැනීම පළපුරුදු ගෘහනිර්මාණ ශිල්පියෙකු ලවා කර ගැනීම අවශ්‍යම කාරණයකි. ඔහුගේ පළපුරුද්ද වැඩි වන තරමටම ඔබට සුව පහසු නිවසකට හිමි සැලසුමක් ඇඳ ගැනීමට හැකියාව ඇත. තවද එම සැලසුම් ශිල්පියා වාස්තු විද්‍යානුකූලව සැලසුම් අඳින අයෙක් නම් ඔබ තවත් පියවරක් ඉදිරියට තබා අවසන්ය. නැතහොත් සැලසුම ඇඳීමෙන් පසු ඔබට නැවත වරක් එහි වාස්තු දෝෂ තිබෙනවාදැයි සොයා බැලීමට සිදුවේ. එසේ නැත්හොත් නිවස ඉදිකිරීමෙන් පසු වාස්තු දෝෂ ඇත්දැයි පරීක්ෂා කිරීමට සිදුවේ. නමුත් එවිට ඔබ බොහෝ ප‍්‍රමාදය. ඉදිකළ නිවසක් කඩා බිඳ වෙනස්කිරීමට යාම කාලය, ශ‍්‍රමය හා මුදල්ද අපතේ යැවීමකි. එම නිසා සැලසුම ඇඳීමට ප‍්‍රථම ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතු අතර පහත සඳහන් කරුණු පිළිබඳව ගෘහ නිර්මාණ ශිල්පියා දැනුවත් කිරීම මගින් ඔබට ඉතා සාර්ථක ඉක්මණින් සාදා නිම කළ හැකි සැලසුමක් ඇඳ ගැනීමට පුලූවන.

2. නිවස සඳහා ඔබ යොදවන මුදල.

නිවස ඉදිකිරීම සඳහා ඔබට යෙදවිය හැකි සමුපූර්ණ මුදල පිළිබඳ ඔබට අදහසක් තිබිය යුතු අතර සැලසුම් ශිල්පියාට ඒ බව දැනුම් දිය යුතුය. එසේ නොමැතිව ඔබට හිතේ ඇති සැලසුම ඔහු ලබා ඇඳ ගත්තද එම සැලසුමට අනුව ඉදිකිරීමට ඔබ අත මුදල් නැත්නම් සිදුවන්නේ ඉදිකිරීම් අතරමග නැවතීමයි. එලෙස වැඩ නැවතුනහොත් එහි වරද සම්පූර්ණයෙන් ගෘහ නිර්මාණ ශිල්පියා හෝ වාස්තු ශිල්පියාට පැවරීමටද ඔබ පසුබට නොවෙයි. නමුත් ඇත්තටම වරද ඇත්තේ ඔබගේ මූල්‍යමය හැකියාව පිළිබඳ ගෘහ නිර්මාණ ශිල්පියා දැනුවත් නොකිරීමයි. ඔබට සත්‍යවශයෙන් යෙදවිය හැකි මුදල ඔහුට පැවසුවහොත් ඔහු එම මුදලට සරිලන ආකාරයට ඔබගේ සැලසුම සකස් කරනු ඇත.

3. ඔබගේ අවශ්‍යතාවය.

ඔබගේ අවශ්‍යතාවය නිවසක් පමණක් ද? එසේත් නැත්නම් නිවස සම`ග කොටසක් කුලියට දීමට අපේක්ෂාවෙන් සිටී ද? ඒ බව නොවලහා සැලසුම් ශිල්පියාට පැවසිය යුතුය. එවිට සැලසුම් ශිල්පියා විසින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඔබගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයට ඔබගේ නිවස මෙන්ම කුලියට දෙන කොටසද සැලසුම් කර දෙනු ඇත. එසේ නොමැතිව නිවස සැලසුම් කර එයින් කොටසක් කුලියට දීමට යාමේදී නොයෙක් ගැටලුවලට මුහුණදීමට සිදුවේ.

4. ඔබට අවශ්‍ය කාමර සංඛ්‍යාව.

ඔබගේ පවුලේ සිටින සාමාජිකයින් ගණන අනුව ඔබට අවශ්‍ය කරන කාමර සංඛ්‍යාව ඔබ විසින් තීරණය කර සැලසුම් ශිල්පියාට පැවසිය යුතුය. එසේ නොමැතිවුවහොත් ඔබගේ අවශ්‍යතාව ඉටු නොවේ. ඔබගේ වයසක දෙමාපියන් ඔබ සමග සිටීනම් ඔවුන්ට එම කාමර අසලින් වැසිකිලි ඉදිකරගත යුතුය. මහල් නිවසක නම් පළමු මහලේ ඔවුන් සඳහා පහසුකම් සැපයිය යුතුය. ඔබ සාමාජිකයින් සඳහා කාමර සැලසුම් කළ ද අමුත්තකු ආ විට නැවතීමට වෙනම කාමරයක් තිබිය යුතුය. තවද නිවසේ වැඩ කරන සේවකයෙක් සිටීනම් ඔහු හෝ ඇය වෙනුවෙන්ද වෙනම කාමරයක් වැසිකිලියක් සැලසුම් කළ යුතුය. ඔබට ගබඩා පහසුකම්, කාර්යාල පහසුකම් අවශ්‍යනම් ඒ සඳහා ද කාමර පහසුකම් වෙන්කරගත යුතු ය.

5. සම්පූර්ණ නිවසම ඉදිකරනවාද නැතහොත් කොටසක් ඉදිකරනවාද යන්න.

ඔබ සැලසුම් කළ නිවස සම්පූර්ණයෙන් ඉදිකරනවාද නැතහොත් කොටසක් පමණක් ඉදිකර පදිිංචි වී පසුව ඉතිරි කොටස නිමකරනවාද යන්න පිළිබඳ පූර්ව සැලසුමක් ඔබ ල`ග තිබිය යුතුය. ගෘහ නිර්මාණ ශිල්පියා ඔබ ල`ග ඇති මුදලින් දැනට පදිංචියට යන කොටස පමණක් ඉදිකිරීමට හැකිවන ලෙස සැලසුම් කරන අතර ඉතිරි කොටස් පසුව ඉදිකිරීමට හැකි වන පරිදි සහ එම ඉදිකිරීම් නිසා දැනට සිටින කොටසේ වෙනස්කම් නොවන ආකාරයට එම කොටස් සැලසුම් කරනු ඇත. එම නිසා ඔබට අනාගතයේ සිදුවිය හැකි පාඩු අවම කරවා ගත හැකි ය.

තවත් විශේෂිත කාරණයක් වන්නේ ඔබට අවශ්‍යදෙය ඔහු සම`ග පැවසූ පසු ඔහුගෙන් ද ඒ පිළිබඳ උපදෙස් ලබා ගත යුතුය. ඔහුගේ ඇති ප‍්‍රවීණත්වයෙන් ඔබ වාසි ලබා ගත යුතුය. ඉහත මූලික කරුණු නිවැරදිව ලබාදීමෙන් පසු ඔබගේ සිතැ`ගි පරිදි ඔබගේ සියලු අවශ්‍යතාවයන් ඉටුවන පරිදි ඔබගේ සැලසුම ශිල්පියා ලවා කරවා ගැනීමට ඔබට හැකිවනු ඇත.

6. නිවස ඉදිකිරීම

ඔබගේ නිවාස සැලසුම සකස්කර අවසන්. දැන් තිබෙන්නේ සැලසුමට අනුව නිවස ඉදිකිරීමයි. නිවස ඉදිකිරීම සඳහා ඔබට පළපුරුදු ආයතනයකට එම කටයුත්ත භාරදිය හැකිය. එසේ කිරීම තුළින් ඔබගේ කාලයත් මුදලුත් ඉතිරිකර ගත හැකිය. ආයතනයක් තෝරා ගැනීමේ දී ඔවුන් විසින් මෙතෙක් කරන ලද ව්‍යාපෘති පිළිබඳ සොයා බැලිය යුතුය. දැනට ඔවුන් කරමින් පවතින ව්‍යාපෘති අධීක්ෂණය කර ඒවායේ තත්ත්වය පරීක්ෂා කර බැලිය යුතුය. ඔවුන්ගේ සේවාදායකයන් සම`ග සාකච්ඡුා කර එම ආයතනය පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමෙන් පසුව මෙම කටයුත්ත ඔවුන්ට භාරදිය යුතුය.

නමුත් ඔබට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ දැනුමක් ඇත්නම් සහ හොඳ විශ්වාසවන්ත බාස් කෙනෙකු සොයා ගැනීමට හැකිනම් ඔබටම මෙම කටයුත්ත කරගෙන යාමට හැකියාව ඇත. මේ සඳහා ඔබට ඔබගේ කාලයෙන් විශාල ප‍්‍රමාණයක් වැය කිරීමට සිදුවනු ඇත.

තවද නිවස ඉදිකිරීමට පෙර බහිරව පූජාව වැනි පුද පූජා පැවැත්වීම, අත්තිවාරම් කැපීම, මුල් ගල තැබීම, ප‍්‍රථම කූඤ්ඤය සිටුවීම, ලණු ගැසීම වැනි සුභ කටයුතු සඳහා නැකත් ගැනීම සහ ඒ පිළිබඳ දැනුම ඇත්තෙකු ලවා ඒවා කරවා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුය. ඔබගේ නිවස ඉදිකිරීමට භාර කරනු ලබන ආයතනය විසින් මෙම පිළිවෙත් 100% ම අනුගමනය කරනවාද යන්න ඔබ සොයා බැලිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *