EssayBrother is the best editing personal statements

ඔබ දැනට පදිංචි වී සිටින නිවසේ වාස්තු පරීක්ෂාවක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද?

can i get ghostwriter for book
vaastu-srilanka-godakanda-arachchi
ඉපැරණි පත පොතේ ඇතුලත් වාස්තු සම්බන්ධ නිවැරදි කරුණු නිවැරදිව සමාජගත වූයේ ද?
August 10, 2017
ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – නව කණ්ඩායම බඳවා ගැනීම
September 26, 2017
Show all

ඔබ දැනට පදිංචි වී සිටින නිවසේ වාස්තු පරීක්ෂාවක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද?

ඔබ පදිංචි නිවසේ යම් යම් දෝෂ තිබෙනවාද යන්න ඔබට වැටහී තිබේනවාද? නිතර ලෙඩ රෝග ඇතිවීම, නිවසේ රැුඳී සිටීමට ඇති අකමැත්ත, නිවස තුල අඳුරු ස්වභාවය, මුදලක් අගහිගකම්, අපිරිසිදුකම, අපිලිවෙල, වැනි කරුණු ඔබේ නිවසේත් ඇත්නම් ඔබගේ නිවසේ යම් යම් වාස්තු දෝෂ තිබිය හැක. මෙම දෝෂ නොයෙක් අදෘෂ්‍යමාන බලවේග නිසා ඇතිවූ දෝෂයයි මිත්‍යා මතවලට හසු නොවී මුදල් නාස්ති නොකර, නිවසේ වාස්තු දෝෂ ඇත්දැයි සොයා බැලීම ඔබ පළමුව කළ යුතු කාර්යයයි.

වාස්තු විද්‍යාව මගින් සිදුකරනුයේ ඔබට වාසය කිරීමට සුදුසු පරිසරයක් සහිත ලෙඩ රෝග වලින් තොර සෞභාග්‍ය සම්පන්න නිවසක් ඉදිකිරීමට අදාල විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ඉදිරිපත් කිරීමකි. නිවසේ වාස්තු පරීක්්ෂා කිරීම මගින් ඔබගේ නිවසේ ඇති දෝෂ සඳහා ඉතා ප‍්‍රායෝගික විසඳුම් ඔබට ලබා ගත හැකිය. නිවස කඩා බිඳ විනාශ නොකර අවම මුදලකින් සුලු වෙනස්කම් කිරීම් තුළින් ඔබට ඔබගේ නිවස වාසය කිරීමට ඉතාම සුදුසු සොඳුරු ස්ථානයක් බවට පත් කර ගත හැකිය.

ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පර්යේෂණායතනය

අප ආයතනය මගින් දැනට අවුරුදු 30 ට වැඩි කාලයක සිට සිදු කරන ලද පරීක්ෂණ ඔස්සේ එම අත්දැකීම් තුළින් අප වෙත පැමිණෙන සේවාදයකයන්ගේ නිවාස වාස්තු පරීක්ෂාවකට ලක් කරන අතර අඩුම වෙනස්කම් කිරීම තුළින් 100% ක් වාසය කිරීමට සුදුසු පරිසරයක් ඔවුන්ගේ නිවස තුළ ඇති කරීම අපගේ ප‍්‍රධාන අරමුණයි.

වාස්තු පරීක්ෂාව සිදුකරන ආකාරය

  1. පළමුව පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය නිවසට අප ආයතනයෙන් පැමිණ නිවසේ සියලුම මිණුම්, අවට නිවාස පිළිබඳ විස්තර සහ නිවස ඇතුළත පිටත සහ අවට ඡුායාරූප ලබාගනී.
  2. ලබාගන්නා මිණුම්වලට අනුව දැනට ඔබගේ නිවසට අදාල වර්තමාන සැලසුම අප ආයතනය විසින් නැවත නිර්මාණය කරයි.
    ඉන් පසු කලින් දිනයක් වෙන්කරවාගෙන නිවසේ ගෘහ මූලිකයා සමග නිවසේ ජීවත්වන පවුලේ සාමාජිකයින් අප කාර්යාලයට පැමිණිය යුතුය.
  3. එදින වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා හමුවී, අප ආයතය විසින් අඳින ලද ඔබගේ නිවසේ වර්තමාන නිවැරදි සැලසුම පරීක්ෂා කොට එහි දෝෂ ඇත්නම් ඒ මොනවාද යන්නත්, නිවැරදි කළ යුතු ආකාරය කෙසේද යන්නත් පිළිබඳ ඔබට ඔබට අවශ්‍ය සියලුම කරුණු ලබාදෙන අතර අවශ්‍යතාවය මත නිවාස සැලසුමක්ද ලබා දෙයි.
  4. නිවසේ වෙනස්කම් සිදුකළ යුතු ආකාරය, නැකත් ගැනීම පිළිබඳ විස්තර සහ එම කටයුතු සිදු කරීමට ප‍්‍රථම සිදුකළ යුතු යම් යම් වාස්තු කෙම් වර්ග පිළිබඳවද ඔබව දැනුවත් කරයි.
  5. වෙනස්කම් නිවැරදිව සිදුවෙනවාදැයි අධීක්ෂණය කිරීමට අප ආයතනයෙන් ඉදිකිරීම් පිළිබඳ පළපුරුද්ද ඇති අයෙක් ගෙන්වා ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.

වැඩි විස්තර සඳහා පහත දුරුකථන අංකවලින් විස්තර ලබා ගත හැකිය

0777892057 / 0777892051 / 0777892017

වාස්තු විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුවත් වීම සඳහා අපගේ පහත සඳහන් ෆේස්බුක් සහ යූ ටියුම් වෙත පැමිණෙන්න

FaceBook : https://www.facebook.com/www.vaastu.lk/

You Tube : https://www.youtube.com/channel/UCNzkbc6Q5N5NCSKbyfdVFkA/videos

Leave a Reply

Your email address will not be published. Required fields are marked *