EssayBrother is the best editing personal statements
can i get ghostwriter for book
godakanda-arachchi-vaastu-class-architecture-phi-to
ගෘහ සැලසුම් ශිල්පීන්ට, ටී. ඕ. සහ පී.එච්.අයි. මහතුන් සඳහා
August 3, 2017
Show all

ගෘහයක ශක්තිය බලය නැති කරන සාධක

පිරිසිදුකම, පිළිවෙල, ක‍්‍රමානුකූලතාවය, නිවැසියන්ගේ හැසිරීම, නිවස ඇතුළත හා පිටත විසිතුරු බව, වාස්තු සිද්ධාන්තයන්ගේ නිර්මාණයන්ට අමතරව නිවසක ශක්තිය බලය මේ හරහා ඇති කරනු ලැබේ. එහෙත් අප විසින් සිදුකරන යම් යම් නොකටයුතු දේ නිසා එම තත්ත්වයන් හි ඌණතාවයක් ඇතිවනු බව පෙනේ. නොමිලයේ ලැබෙන හිරු එළිය සහ වාතාශ‍්‍රය නිසි ලෙස නිවස ඇතුළට ලබා ගැනීම තුළින් නිවසේ ශක්තිය සහ බලය තීව‍්‍ර වන බව සඳහන් කළ යුතු ය. දොර වසාගෙන, ජනෙල් වසාගෙන හිරු එළිය සහ වාතය නොලබන නිවස්නයන් තුළ බලය සහ ශක්තිය දැඩි සේ හීන වන බව සඳහන් කළ යුතු ය. අතුපතු නොගෑම, මකුණුදැල් නොකැඞීම, ¥විලි පිස නොදැමීම, ලට්ටලොට්ට නිවස ඇතුළත ගොඩගසා ගැනීම, කැඩුණු බිඳුනු බඩු නිවස තුළ තබා ගැනීම, පිච්චුණු විදුලි බල්බයන් නිවස තුළ ගොඩගසා ගැනීම, හිස් බෝතල් ගොඩ ගසා ගැනීම නොකළ යුතු ය. ගල් වංගෙඩිය ඇතුළත මෝලගස තිබීම, මිරිස් ගල උඩ අත් ගල ඇලව හිටුවා තැබීම, නිවස ඉදිරිපිට කෙළ ගැසීම, මල මුත‍්‍රා කිරීම, වැසිකිළි වළ තුළ සෑදෙන ගෑස් එළියට යෑම සඳහා බටයක් නොතැබීම, ගේ ඇතුළත දුගඳ, දිලීර වැඞීම, නිවස ඇතුළත අපිරිසිදු ලෙස සතුන් ඇති කිරීම, නිතර නිතර උගුඩුවන්, කබරයින් වැනි සතුන් නිවස තුළ සැරි සැරීම මේ අතරින් ප‍්‍රධාන වේ. නිවස ඇතුළත පිහිටි දැලි කුස්සියේ දර ගොඩගසා ගැනීමත්, දර කුස්සියෙන් නැගෙන දුමාරය නිවස ඇතුළට ඒමත්, දිරාගිය කැඩුණු බිඳුණු තැන් පිළිසකර නොකිරීමත්, වැහැරී ගිය බිත්ති සහ ජනෙල් දොරවල් නිසි පරිදි නඩත්තු නොකිරීමත්, වැසි ජලය ගේ අද්දරට එකතු වී ගිලා බැසීම් මේ අතරට එකතුවන තවත් සාධකයන් වේ. නිවසේ අංකය, නම දුර්වර්ණ වීම ද බලරහිත නිවසක ලක්ෂණයන් වේ.
ඉහත කරුණු දෙස බැලීමේ දී ඔබගේ නිවසේ ශක්තිය, ජවය, බලය තමන්ගේ මහන්සියෙන් වැඩිදියුණු කර ගැනීමට හැකියාවක් තිබෙන බව ඔබට ම පෙනෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *