EssayBrother is the best editing personal statements

ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – නව කණ්ඩායම බඳවා ගැනීම

can i get ghostwriter for book
ඔබ දැනට පදිංචි වී සිටින නිවසේ වාස්තු පරීක්ෂාවක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද?
August 18, 2017
vaastu-godakanda-arachchi
ඔබත් නව නිවසක් හැදීමට අපේක්ෂාවෙන් සිටීද
October 2, 2017
Show all

ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – නව කණ්ඩායම බඳවා ගැනීම

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..

නොවැම්බර් 5 වන ඉරිදා සිට සෑම ඉරිදාවකම උදේ 8.30 සිට දහවල් 12.00 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.

පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.

පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.

….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..

පාඨමාලා අන්තර්ගතය

  • හැඳින්වීම
    ශ‍්‍රී ලාංකේය වාස්තු විකාශනය, පරිශීලනය කළයුතු ග‍්‍රන්ථ සහ මූලාශ‍්‍ර, වාස්තු ශිල්පියෙක් සතු විය යුතු දක්ෂතා සහ ඔබ පරිපූර්ණ වාස්තු ශිල්පියෙක් විය යුත්තේ ඇයි ද යන වග.
  • ඉඩම
    ඉඩමක් තෝරාගන්නා ආකාරය, සුදුසුකම් පරීක්ෂාව, වර්ථමාන ඉඩම් කොටස් හි ලක්ෂණ, මාළිමාව භාවිතය සහ මැණුම් විධි, 90 කෝණ ගත කිරීම විශේෂ පිහිටීම, ඉඩමේ මුහුණත හා ගෘහයේ මුහුණත.
  • නිවාස සැලසුම්කරණය
    අවශ්‍යතා හඳුනාගැනීම, අවශ්‍යතා විශ්ලේෂණය, නිර්මානකරණය, දිශානුකරණය සහ පාද සටහන, නීතිමය අවශ්‍යතා මුල්‍යමය ශක්නූනතා ගැලපීම.
  • ගෘහාංග විශ්ලේෂණය හා ස්ථානගත කිරීම
    මුළුතැන්ගෙය, ප‍්‍රධාන නිදන කාමරය, නිදන කාමරය, වැසිකිලි, පූජනීය ස්ථාන, පිටත මුළුතැන්ගෙය, මැද මිදුල, ගරාජය, ීඑමාහ ඍදදපිල ක්‍කදිැඑ යනාදිය
  • වහල / ජනෙල් / උළුවහු / චාරිත‍්‍ර වාරිත‍්‍ර.
  • සැලසුම්කරණයේ ආනුශාංගිකාංග කරුණු
    කූපය, ගේට්ටුව, කැලිකසළ වළවල්, සුරතල් සතුන් ඇතිකරන තැන, අවශ්‍යකරණ මිණුම් සහ චක‍්‍ර සටහන්.
  • වාස්තු සංඝටක ගෘහ අකාර්යක්ෂමතාව සහ නාමකරණය
    ස්වස්ථිකය, අශ්ව ලාඩම, අලංකරණයට යොදගන්නා දෑ, වර්ණ, සිතුවම්, සත්වාංග.
  • නිවාස විශ්ලේෂණය
    වැරදි සෙවීම, නිවැරදි කිරීම, ඉදිකිරීමේ වාස්තුමය ක‍්‍රියා පටිපාටිය.
    පැරණි වාස්තු ග‍්‍රන්ථ හා ඒවායේ අඩංගු ග‍්‍රහණය නොවූ වාස්තු සිද්ධාන්ත
  • මිත්‍යා මත වහර සහ අභාවිත වාස්තු
    පලකරණ ලද ග‍්‍රන්ථ, එහි පාදක කරුණු සහ කෙම් ක‍්‍රම.
  • ප‍්‍රායෝගික ගැටළු, විසඳුම් හා ඉදිකිරීමේ වාස්තුමය ක‍්‍රියාවලිය හා නිමකළ සැලසුමක් තම සේවාදායකයාට ලබා දීම
  • නිවාස සැලසුම්කරණය 2 කොටස
    ගෘහ පිණ්ඩ සීහුම් කිරීම, (ලඝු චක‍්‍ර භාවිතයට* දිග පළල අනුපාත සංයෝජනය, වර්තමාන නිවාස ප‍්‍රවනතාවයන්ගේ ලක්ෂණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *