EssayBrother is the best editing personal statements

බෑවුම් සහිත ඉඩමකට නිවාස සැලසුමක් සකස්කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු..

can i get ghostwriter for book
vaastu
ඔබේ නිවස විශ්ව ශක්තයේ නිර්මාණයක් විය යුතුයි
October 2, 2017
මේ දේවල් අනුගමනය කර නිවසේ වැඩ ඉක්මණින් නිමකරගන්න..
November 9, 2017
Show all

බෑවුම් සහිත ඉඩමකට නිවාස සැලසුමක් සකස්කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු..

ලෙවල් නැති ඉඩම් පුරවා සකස්කරගත යුතුය. එසේ නැතිනම් නිවස ඇතුලත කොටස පහත් කොට පඩි කිහිපයක් දැමීම සිදු කළ යුතුය. එසේ නොවුනහොත් අත්තිවාරම එසවීමට මෙන්ම පිරවීමට ද විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. එමෙන්ම පිටුපසින් මිදුලට බැසීමට ද සිදුවේ.

පඩිපෙල සඳහාත් පඩිපෙල පටන්ගත් ස්ථානය ඇතුළත බැමිතුළින් ජලය කාන්දුවීම වැලැක්වීම සඳහාත් වියදමක් දැරීමට සිදුවන අතර වහල හෝ ස්ලැබ්එක සඳහා බැම්ම පහත් වූ ප‍්‍රමාණයෙන් ඉස්සීමට යන වියදමද අතිරේක වියදමක් ලෙස එකතු වේ. මෙම උස්වීම නිසා වැසි දිනවල හිරිකඩින් තෙමීමට පුළුවන. මේ නිසා ද අතිරේක වියදමක් දැරීමට සිදු වේ. ඉඩමේ ඉදිරිපස බැස්මක් වේ නම්, මාර්ගයේ පිහිටීම අනුව සුදුසු ලෙස නිවසට සැලසුම් කර ගත යුතුය. එහෙත් වැසි වතුර, නිවසේ අත්තිවාරම අසලට එක් රොක් නොවන ලෙස, මිදුල සකස්කරගත යුතුය. මිදුල ඉස්සීමේදී ඔබේ ඉඩමට යාබද ඉඩම්වල පිහිටීම පිළිබඳවද සැලකිල්ලක් දැක්විය යුතුය. අත්තිවාරම ඉස්සීමේ දී යාබද නිවසවලට හෝ ඉඩම්වලට අවාසියක් නොවන ලෙස සකස් කළ යුතුය.ඉඩමක විශාල ඉස්සීමක් සිදුවන්නේ නම් තාප්පයට අධික වියදමක් වැයවන නිසා බැම්ම මායිම්ගත බිත්තියක් ලෙස පිහිටුවීම වියදම අවම කර ගැනීමට මාර්ගයක් වනු ඇත.

නිවස ඉදිකළ පසු ඉඩමේ ඉතිරිවන නිවස හා ඉඩම අතරමැදි කොටස ශුද්ධ කිරීමට අතුගෑමට වතුර බැස්මට හැකි පරිදි සකස් කළ යුතු ය. එය එළිය නොවැටෙන, අක‍්‍රමවත් ප‍්‍රදේශයක් නොවිය යුතුය. මායිමටම බැම්ම ගන්නේ නම් එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇත. අනුමත කිරීම සඳහා සැලසුමක මායිමට නොගන්නේ නම් මායිම සහ නිවස අතර බිම් තීරුව මීටර් 1ක පළලකින් යුක්ත විය යුතු ය. මීටරයක් මෙහායින් නිවසක් ඉදිවන්නේ නම් ජනෙල් දැමීමට අවකාශ නැත. එහෙත් වැසිකිලි හී ෆෑන් ලයිට් දැමීමට පුළුවන. නිවස ඇතුලත නැගීම්, බැසීම් වැඩි නොකරගත යුතු ය. කුඩා ළමයින්ට ඇවිදීමටත් සෙල්ලම් කිරීමටත් මහළු අය නැගීමටත් බැසීමටත් වන අපහසුව සහ සිදුවිය හැකි අනතුරු පිළිබඳ ඔබ සැලකිල්ලක් දැක්විය යුතු ය. පහළ හෝ ඉහළ පිහිටි මුළුතැන්ගෙය නිසා තම අනාගත සෞඛ්‍යමය තත්ත්වයට වන බලපෑම කෙරෙහිද අවධානය යොමු කළ යුතු ය. ප‍්‍රධාන වහල හෝ ස්ලැබ් එක සමාන උසින් නොවූ කළ බොහෝ විට නිවස අඳුරුවීමට ඉඩ ඇත. ඔබ පොඩි බෑවුමකින් යුතු යැයි පැවසුව ද, මිණුම් කටයුතු කළ පසු එය අඩි 3 සිට 6 දක්වා වෙනස් වීමට ද පුළුවන. විශාල ලෙස බෑවුම් සහගත නම් මිණුම්දෝරු තැන ලවා සමෝච්ච රේඛා මිනුම් සටහනක් ලබා ගැනීම වඩාත් සුදුසු ය. එය නිවස සැලසුම් කරන්නාට ලබා දීම ඔබට වඩාත් වාසි සහගත වනු ඇත.

ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කොට ඉඩම් කොටස් මිලදී ගැනීම සිදු කිරීම ඔබට සෑම අතින් ම යෝග්‍ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *